අර්බුදයෙන් රට ගොඩ ගන්න නම් ජන වරමක් සහිත නව පාලනයක් අවශ්‍යයි

අර්බුදයෙන් රට ගොඩ ගන්න නම් ජන වරමක් සහිත නව පාලනයක් අවශ්‍යයි

මේ රට අර්බුදයෙන් ගොඩ ගැනීමට අර්බුදය ඇති කරපු පිරිසට නොහැකි බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජන හමුවක් අමතමිනි,

එහිදී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් දැක්වූ අදහස්,

“අර්බුදයක් අර්බුදයට ලක් වෙච්ච රටක් අර්බුදයට පත් කරපු අය විසින් කවදාවත් ගොඩ ගන් නෑ, ඇයි ? අර්බුදයට පත් වුණ රටක් ගොඩ ගත හැකි වන්නේ සියලු ජන ප්‍රජාවන් එකතු වෙලා මේක ගොඩ ගමු කියලා විශ්වාස කළොත් පමණයි.

එහෙම එක තැනකට ගේන්න පුළුවන් කාටද ? වට්ටපු කෙනෙකුට ඒක එක තැනකට ගේන්න බැහැ, ආර්ථිකය වට්ටපු අය පොත් ලියනවා එක පැත්තකින්, ඒක නිසා වැටිච්ච ආර්ථිකයක් ගොඩ ගන් නැහැ වට්ටපු අය. වැටිච්ච ආර්ථිකයක් ලෝකේ හැම තැනම ගොඩ අරන් තියෙන්නේ නව දේශපාලන බලවේගයක් විසින් විතරයි.

ඒ ඇයි ? අලුත් ජන වරමකින් නව පාලනයක් ගොඩ නගා ගන්න ඕනේ, ඒ නව පාලනය සමත් වෙන්න ඕනේ අර බල වේග ඔක්කොම එකතු කරලා අර්බුදයෙන් ගොඩ එන්න සැලැස්මක් හදන්න ඕනේ. ඒක නිසා තමයි අපි නිතරම කියන්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න නම් ජන වරමක් සහිත නව පාලනයක් අවශ්‍යමයි කියලා” යනුවෙන්