වැඩිහිටි ජනගහනයෙන් 12% කට කටේ එක දතක්වත් නැහැ

වැඩිහිටි ජනගහනයෙන් 12% කට කටේ එක දතක්වත් නැහැ

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට මුඛයේ එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එහිදී දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඔහු මේ බව පැවසුවේ ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ යන්න තේමා කර ගනිමින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමින්.

ලංකාවේ ප්‍රමුඛතම රෝගය බවට දන්ත රෝගය පත්ව තිබෙන බව වෛද්‍යවරුන් හෙළිකල බවත්, දරුවන් හා මැදිවියේ වයස්ගත වන ජනගහනය දන්ත රෝග නිසා විශාල පීඩාවකට ලක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.