කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා බොරු – ගෝඨාභය

කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා බොරු – ගෝඨාභය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කරන මෙම චෝදනාව සිය මාධ්‍ය නිවේදනයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උපුටාගැනීමයි –
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මාවෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකතනයෙන් කතාකොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් / ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි. මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත් ජනාධිපතිවරණයේදී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත් කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය. උපුටා ගැනීම අවසන්.

උපුටා ගැනීම-
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වනදායි. එය මා විසින් අධ්‍යයනය කර නීතිපතිවරයාට ද යොමුකර 2021 පෙබරවාරි 23 වෙනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී.2021 මාර්තු 01 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට / කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබාදීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත. උපුටා ගැනීම අවසන්.

උපුටා ගැනීම – පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මාවෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කළින් එලිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාර්තාවේ සදහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලැයිස්තුගත කිරීමටත් එම කාර්යන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදාදීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කලෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියාපටිපාටිවලට අනුව කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා අයතනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය.උපුටා ගැනීම අවසන්.

උපුටා ගැනීම –2019 නොවැම්බර් මාසයේදී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වෙනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙව් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ දුරකතන සංවාද පිලිබදව විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයවුතු කළේය.ඉන් මාස කිහිපයකට පසු හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කිරීම පිළිබද මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එම නිසා පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු‍වේ ස්ථාන මාරුවක් දී රිමාන්ඩ් භාරයට පත් කළ බවට කාදිනල් තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි.උපටා ගැනීම අවසන්.

සිය නිවේදනයේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගෝඨාභය රාජපක්ෂ,
උපුටා ගැනීම – පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන ලද්දකි.එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබදව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ සී.අයි.ඩීය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය.මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැත්නම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතර තුරම පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මරට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොදින් නිරීක්ෂණය කළ යුතුය.

COMMENTS