බකිංහැම් මාලිගය අසල යකා නැටූ අශ්වයින්

බකිංහැම් මාලිගය අසල යකා නැටූ අශ්වයින්

මධ්‍යම ලන්ඩනයේදී අද (24) උදෑසන පෙරහුරුවක් අතරතුර හමුදා අශ්වයින් කිහිපදෙනෙකු කුලප්පු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බකිංහැම් මාලිගය අසල ගොඩනැගිල්ලක ඉදිකිරීම් අතරතුර ඇතිවූ ඝෝෂාව හේතුවෙන් මෙම හමුදා අශ්වයින් කුලප්පු වූ බවයි සඳහන් වන්නේ.

යුද හමුදා ප්‍රකාශකයෙකු දැනුම් දී ඇත්තේ කුලප්පු වූ අශ්වයින් අශ්වයන් පහක් පැන ගොස් ඇති අතර අශ්වයින්ගේ මත සිටි සොල්දාදුවන් හතර දෙනෙකු බිම වැටි තුවාල ලබා තිබෙනවා.

එක් අශ්වයෙක් තට්ටු දෙකේ සංචාරක බස් රථයක ඉදිරිපස වීදුරුවේ වැදී ඇති අතර බසයේ සිටි කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව සඳහන්.

සිද්ධිය ආරම්භ වූ ස්ථානයේ සිට කිලෝ මීටර් පහක් දුරින් පිහිටි ලයිම්හවුස්හිදී අශ්වයන් දෙදෙනෙකු අල්ලා ගැනීමට හමුදාව සමත් වී තිබෙනවා.

හෙට හයිඩ් පාර්ක් හි පැවැත්වීමට නියමිතව තිබූ මේජර් ජෙනරාල්ගේ පරීක්‍ෂණයකට පෙර ගෘහස්ථ අශ්වාරෝහක හමුදාවේ අශ්වයන් සහ අසරුවන් පිරිසක් දීර්ඝ අභ්‍යාසයක යෙදී සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර රජුගේ උපන්දින පෙළපාලියට සහභාගී වන සෑම හමුදා ඒකකයක්ම මේජර් ජෙනරාල්ගේ පරීක්ෂණයක් කල්තියා සමත් විය යුතු වනවා.

මෙම කණ්ඩායමට සොල්දාදුවන් හය දෙනෙකු සහ අශ්වයන් හත් දෙනෙකු ඇතුළත් වූ බවයි සඳහන් වන්නේ.

සමහර අශ්වයන් ගමනාගමනය සමඟ ගැටී ඇති අතර අවම වශයෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පෙනේ.

මේ වනවිට පලාගිය අශ්වයන් පස්දෙනාම අල්ලාගෙන නැවත හමුදා කඳවුරකට ගෙනගොස් පශු වෛද්‍යවරයකු වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

https://tinyurl.com/kh6ayuv6

COMMENTS