විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371ක්

විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371ක්

වසරේ ගත වූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1,371 ක් සිය විශේෂ විමර්ශන අංශයට ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

විදේශ රැකියා ලබා දෙන බවට මුදල් ලබා ගැනීම, සංචාරක වීසා මගින් පුද්ගලයන් රැකියා සඳහා යොමු කිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම යන කරුණු ඔස්සේ මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.

විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් වැටලීම් පුළුල් කර ඇති බවත් ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 863 118 යන දුරකතන අංකයට තොරතුරු ලබා දිය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

COMMENTS