උන් ඔක්කෝම යාලුවෝ මල්ලී

උන් ඔක්කෝම යාලුවෝ මල්ලී

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි රන්ජන් රාමනායක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු සුවිශේෂී නළුවෙක් වගේම තිර පට රචකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔහුට රංගනයට මෙන්ම ගීත ගායනයට ද හැකියාව පවතිනවා.

ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක විසින් ‘උන් ඔක්කෝම යාලුවෝ මල්ලි’ නමින් නවතම මියුසික් වීඩියෝවක් පසු ගිය දිනක එළිදක්වා තිබෙනවා.

යූ ටියුබ් වේදිකාව හරහා එළිදැක්වූ මියුසික් වීඩියෝවෙන් ශ්‍රී ලංකා දේශපාලනය ගැන පණිවිඩයක් ලබාදෙනු ලබයි.

හිටපු මන්ත්‍රීවරයා සිය ගීතයෙන් කියා සිටින්නේ සියලුම දේශපාලනඥයන් මිතුරන් බවත් ඔවුන් දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බවත්ය.