අමෙරිකාවේ TikTok තහනම්

අමෙරිකාවේ TikTok තහනම්

එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ පනත අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පනත මගින් TikTok හි චීන හිමිකරු වන ByteDance හට එහි කොටස් විකිණීමට මාස නවයක් ලබාදී ඇති අතර, නැතහොත් TikTok යෙදුම එක්සත් ජනපදයේ අවහිර කරන බවයි එහි දකෙන්නේ.

පනත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත භාර දෙනු ඇති අතර, ජනාධිපතිවරයා එහි අත්සන් තැබීමට නියමිතයි.

කෙසේ වෙතත් ByteDance සමාගම පවසන්නේ TikTok විකිණීමට බල කරන ඕනෑම උත්සාහයකට තමන් විරුද්ධ වන බවයි.

https://tinyurl.com/vheu9t3k

COMMENTS