O/L උපකාරක පන්ති 30 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

O/L උපකාරක පන්ති 30 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පංති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 6 වනදා සිට 15 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527ක දී පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව, විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම්.

කිසියම් පුද්ගලයෙකු මෙම නියෝග කඩ කරන්නේ නම් පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

COMMENTS