රම්‍යා වනිගසේකර දිවි සැරිය නිමා කරයි

රම්‍යා වනිගසේකර දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ නිවේදිකාවක සහ රංගවේදිනියක වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ඇය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

කොටියාකුඹුර ප්‍රදේශයේ උපත ලබා ඇති මියයනවිට 73 හැවිරිදි වියේ පසුවුණා.

ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඇය, වේදිකා, ටෙලි නාට්‍යය, මෙන්ම සිනමාවේද රංගනයෙන් විශිෂ්ට දායකත්වයක් දක්වනු ලැබුවා.

ඇයගේ ස්වාමි පුරුෂයා වන අභාවප්‍රාප්ත ආර්. ආර්. සමරකෝන් අධ්‍යක්ෂනය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා චරිතය මගින් ප්‍රේක්ෂකයන් වෙත අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළා.