විහඟ ප්‍රේමය ලොව ප්‍රකට HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කෙරේ

විහඟ ප්‍රේමය ලොව ප්‍රකට HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කෙරේ

මෙරට සිනමාපටයක් වන “විහඟ ප්‍රේමය” හෙවත් “Peacock Lament” ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.

“විහඟ ප්‍රේමය” ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නිර්මාණයකි.

එම සිනමාපටය HBO Max ඔස්සේ මාර්තු 01 වනදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

අමෙරිකාවේ ප්‍රකට වෝනර් බ්‍රෝස් (Warner Bros) ව්‍යාපාර සමූහයට අයත් HBO ආයතනය සිය මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනයට තෝරාගත් ප්‍රථම ශ්‍රී ලාංකීක චිත්‍රපටය ‘විහඟ ප්‍රේමය’ යි.

බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කිරීමේ මෙරට සිදුවන ජාවාරම පදනම් කොට “විහඟ ප්‍රේමය” නිර්මානය කර තිබේ.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුවුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයද මෙය වෙයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා, අකලංග ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලොරන්ස්සෝ අක්කුව්වා ඇතුළු පිරිසක් මෙම නිර්මානය සඳහා රංගනයෙන් එක්වී සිටී.

මෙම වසරේ (2024) මැද භාගයේදී සැවෝයි සිනමා සමාගම “විහඟ ප්‍රේමය” ශ්‍රී ලංකාවේ සිනමාශාලාවල බෙදාහැරීමට නියමිතව ඇත.