අවුරුදු කැවිලි මේසයේ වියදම දෙගුණයකින් වැඩි වෙලා

අවුරුදු කැවිලි මේසයේ වියදම දෙගුණයකින් වැඩි වෙලා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු කැවිලි මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව අවුරුදු කැවිලි සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවල වියදම 2% කින් අඩු වී ඇති බවයි ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයේ දැක්වෙන්නේ.

කිරිබත්, කොන්ඩකැවුම්, මුංකැවුම්, දොදොල්, කේක්,අලුවා සහ කෙසෙල් ගෙඩි මිල ගණන් වෙරිටේ රිසර්ච් ආයතනයේ මෙම සමීක්ෂණය පාදක කර ගෙන තිබෙනවා.

එහි තවදුරටත් දැක්වෙන්නේ කැවිල් මේසය පිළියෙල කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් 2.2%කින් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ රසකැවිලි සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය වල මිල 2019 වසරට සාපේක්ෂව 2.3 කින් ඉහළ මට්ටමක පැවතුණ ද මෙම වසරේ එහි සුළු අඩු වීමක් ඇති බව එම ආයතනය ප්‍රකාශ කළා.

වෙරිටේ රිසර්ච් ආයතන වැඩිදුරටත් කියා සිටියේ මෙම සමීක්ෂණය සඳහා 2019, 2023 සහ 2024 වසරවල අප්‍රේල් මස පළමු සතියේ කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළඳපොළේ සාමාන්‍ය මිල සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ගත් මිල පාදක කර ගත් බවයි.

COMMENTS