වින්ඩිට සම්මානයක්

වින්ඩිට සම්මානයක්

චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් විය.

ඇය මෙම සම්මානය හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන “අයියෝ සාමී” ගීතය ගායනා සදහා ය.

මෙම සම්මානය හිමිකර ගත් ඇය පෙරේදා (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියා ය.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීම සඳහා පසුගියදා ඉන්දියාවේ පැවැත්වුණි.

සම්මාන උළෙල සඳහා ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද එක්වුණි.