ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබරි ගම්මානය

ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබරි ගම්මානය

මෙරට ප්‍රථම ස්ට්‍රෝබරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කරගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව යොමු කරවීම මෙහි අරමුණයි.

මේ සඳහා ගොවීන් 40 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ගොවියෙකුට රුපියල් හත් ලක්ෂ 50,000ක මුදලක් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

වගාව සඳහා අවශ්‍ය ස්ට්‍රෝබරි පැළ මේ මස අවසන් වීමට පෙර ආනයනය කෙරෙන අතර ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් පැළ 300කට වැඩි ප්‍රමාණයක් වගා කෙරෙන බවයි සඳහන් වන්නේ.

COMMENTS