ජනාධිපතිවරණයට මම එනවා – සජිත්

ජනාධිපතිවරණයට මම එනවා – සජිත්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව පැවසීය.

මේ අතර පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24)පැවසීය.

දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් මෙන්ම විමර්ශකයින්ගෙන් සමන්විත ව මෙම පරීක්ෂණ කොමිසම ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා කීය.

එම පරීක්ෂණයට ශක්තියක් වීමට ස්ථීර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කර කොමිසමෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බව කී විපක්ෂ නායකවරයා අදාල අපරාධ නඩු කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ අධිකරණයක් මෙන්ම අධි චෝදනා කාර්යාලයක් පිහිටුවන බව පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS