ඇෆ්ඝනිස්ථානයට ජයක්

ඇෆ්ඝනිස්ථානයට ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ඊයේ (25) පැවති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළේ ය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 295ක ඉලක්කයක් හිමි විය.

කෙසේ වෙතත්, පන්දුවාර 38ක් අවසානයේ සියලු දෙනා දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234කට සීමා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය.

ඒ අනුව, ඇෆ්ඝනිස්ථානයට ලකුණු 60ක ජයක් හිමි විය.

COMMENTS