භාවිත කළ ජල බෝතලයකට සතොසෙන් වාසියක්

භාවිත කළ ජල බෝතලයකට සතොසෙන් වාසියක්

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දී තිබෙනවා.

මෙම පානීය ජල බෝතල්, සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව තිබෙනවා.

මෙරට තිබෙන විශාලතම අළෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රු.35කට අළෙවි කිරීම අද සිට ක්‍රියාත්මක වන බවත් එම ජල බෝතලයක් භාවිතා කොට නැවත ලබා දුනහොත් රු.10/=ක වාසියක් ලබා දීමට සැලසුම් කොට ඇති බවත් වෙළඳ අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

අනෙකුත් පානීය ජල බෝතල් අළෙවිකරන සමාගම්ද මෙලෙස බෝතල් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය භාවිතා කරන්නේ නම් පරිසරයට හිතකාමී ව්‍යාපාර කටයුත්තක් බවට ඔවුන්ගේ ව්‍යාපාරයත් පත් වනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසුවා.

ජනතාව වෙනුවෙන් තවදුරටත් මෙවැනි සෞඛ්‍යයට හිතකර මෙන්ම පරිසරයට හිතකර කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.