සෝනි හඳුන්වා දෙන අලුත්ම මෝටර් රථය

සෝනි හඳුන්වා දෙන අලුත්ම මෝටර් රථය

ලොව පුරා පොසිල ඉන්ධන සම්බන්ධයෙන් මේ වනවිට ඇතිව ඇත්තේ සෘණ ආකල්පය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයින් මේ වනවිට විදුලි මෝටර් රථ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන පෙනී යන කරුණකි.

එමගින් ලබාගත හැකි ව්‍යාපාරික වාසි ගැන සලකමිනි මේ වනවිට ලොව ප්‍රකට සමාගම් ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සිටියි

එම තරගයට අලුතෙන්ම එක්වී ඇති සමාගම ජපානයේ සෝනි සමාගමයි.

ඉදිරි මාස කිහිපය ඇතුළත සෝනි සමාගම ඒ සඳහා වෙනම සමාගමක් පිහිටුවීමට නියමිත අතර එම නව සමාගම Sony Mobility Inc නමින් ලියාපදිංචි කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාණිජමය වශයෙන් විදුලි මෝටර් රථ නිපදවීම සිය අරමුණ බව සෝනි සභාපති කෙනිචීරෝ යොශීඩා පැවසුවේය.

මෙම පුවත පළවීමත් සමගම ටෝකියෝ කොටස් වෙළෙඳපොළෙහි සෝනි කොටස් මිල 4.2%කින් ඉහළ ගොස් තිබුණි.

ඇපල් සමාගමද නුදුරේදීම “විදුලි මෝටර් රථ” නිෂ්පාදනයට අවතීර්ණ වෙතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

https://on.ft.com/31vGIwn