ගුවන් යානයක වැසිකිළියක අලුත උපන් බිලිඳෙක්

ගුවන් යානයක වැසිකිළියක අලුත උපන් බිලිඳෙක්

ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් ගුවන් යානයක වැසිකිළියක කුණු බක්කියේ දමා ගොස් තිබියදී අලුත උපන් බිළිඳකු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් යානයේදී දරු ප්‍රසූතියක් සිදු වූ බවට සැක කෙරෙන අතර මැඩගස්කරයේ 20 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැඩගස්කරයේ සිට පැමිණි එයාර් මොරිෂස් ගුවන් යානය ජනවාරි පළවෙනිදා ශ්‍රීමත් සීවුසගුර් රාම්ගූලම් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙන අතර ගුවන් තොටුපළ නිලධාරීන් යානය පරීක්‍ෂා කළ අවස්‌ථාවේදී මෙම අනාවරණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

පසුව ඔවුන් විසින් දරුවා ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

ළමයා තමාගේ බව මුලින් ප්‍රතික්ෂේප කළ දරුවාගේ මව යැයි සැක කළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එමගින් ඇය විසින් දරුවා ප්‍රසූත කර ඇති බව තහවුරු වී ඇති බව සඳහන්

රෝහලේදී ඇයව පොලිසිය භාරයේ තබා ඇති අතර ඇය සහ දරුවා දෙදෙනාම හොඳින් සිටින බවයි පැවසෙන්නේ.

https://bit.ly/3taI8Ib