ගුවන් හමුදාවෙන් නත්තල් කැරොල් ප්‍රසංගයක් (ඡායාරූප)

ගුවන් හමුදාවෙන් නත්තල් කැරොල් ප්‍රසංගයක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිිකව සංවිධානය කරනු ලැබූ නත්තල් කැරොල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමීනි පතිරණ මැතිණිය ගේ හා ගුවන් හමුදාධිපති එයර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය සහභාගි වී ඇති බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

අසිරිමත් නත්තල් උදාව සමරමින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ගීතිකා ගායනා ඉදිරිපත් කළ අතර මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක හා එම මැතිණිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න හා එම මැතිණිය යුද හමුදාපති හා වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න හා එම මැතිණිය ඇතුළු පිරිසක් සහභගි වී තිබෙනවා.