මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධියෙන්

මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධියෙන්

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, එම වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති බවය.

HMPV වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින බව ඔහු සඳහන් කළේය.

කොවිඩ් ආසාදනයේ සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බව අන්වර් හම්දානි මහතා පැවසුවේය.

කෙසේවෙතත් මෙම වෛරසය මෙරටට මෙතෙක් ව්‍යාප්ත වී නොමැති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ අදාළ බළධාරීන් වඩා අවධානයෙන් කටයුතු කරන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.