තරුෂි, යසිරු රන් සහ ලෝකඩ දිනයි

තරුෂි, යසිරු රන් සහ ලෝකඩ දිනයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි.

තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය.

මේ අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට මලිත් යසිරු අද (05) සමත්වුණා.

ඒ මීටර 15 යි දශම 8 යි 02 දුර ප්‍රමාණයක් වාර්තා කරමින්.

මේ අතර ඊයේ දිනයේ දී මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.

වසර 29 කට පසු මතකයන් අලුත් කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදෙන්නට මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙලෙස සමත්වූවාය.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා ය.