රනිල් පොදු ලකුණකින් ජනපති සටනට

රනිල් පොදු ලකුණකින් ජනපති සටනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එජාපයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

තවද වැඩිදුර අදහස් දක්වමින් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ මැයි දිනය වෙනුවෙන්ද එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දැවැන්තම මැයි රැළිය පවත්වන බවයි.

COMMENTS