ITC රත්නදීපය අද විවෘත වෙයි

ITC රත්නදීපය අද විවෘත වෙයි

ගාලුමුවදොර අලංකාරය වැඩි කරන එම ITC රත්නදීප, හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) දින විවෘත කෙරෙනවා.

ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ITC රත්නදීප ,හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියානු ITC සමාගම ඉන්දියාවෙන් පිටතදී සිදු කළ විශාලතම ආයෝජනය වනවා.

ගාලු මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.86ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224ක්.

එම ගොඩනැගිල්ල සැප් හයි රෙසිඩන්ස් ලෙස නම් කර ඇති අතර ITC රත්නදීප හෝටල් සංකීර්ණය පිහිටා ඇත්තේ ඊට යාබදව මීටර 140ක උසින් යුත් ගොඩනැගිල්ලේයි.

එය අධි සුඛොපබෝගී කාමර 352කින් සමන්විතයි.

මෙහි සුවීශේෂතාව වන්නේ මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් SKY BRIDGE හෙවත් අහස් පාළමකින් යා කර තිබීම හේතුවෙන්.

මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාළමයි.

මෙම අහස් පාලමේ අති සුඛොපභෝගී පිහිනුම් තටාකයක්ද ඉදිකර තිබෙනවා.

එමෙන්ම එහි සිටින පිරිස් වෙත ආහාර පාන ලබා ගැනීමට AHASA නමින් හැඳින්වෙන ස්ථානයක්ද ස්ථාපිත කර තිබෙන අතර එම ස්ථානයට ගාලු මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වනවා.

ITC රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංග වලින් සමන්විත අලංකාර උත්සවශාලා 5කින්ද සමන්විතයි.

COMMENTS