පින්බර පොසොන් පොහොය අදයි

පින්බර පොසොන් පොහොය අදයි

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.

ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම මහණ උපසම්පදාව සිදු කිරීම හා බුදු බව ලබා රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කළ බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් ඝණ රැස් විහිදීම.

දේවානම්පියතිස්ස රජු සමඟ 40.000 ක් පමණ පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යෑම. සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට පැමිණි දෙවියන්ට මහින්ද මහ රහතන් වහන්සේ විසින් සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම ආදිය පොසොන් පොහොයේ වැදගත්කම් ලෙස ද පෙන්වා දිය හැකිය.

COMMENTS