විෂ සහිත කැඳ වර්ගයක් පානය කිරීමෙන් 13ක් මරුට

විෂ සහිත කැඳ වර්ගයක් පානය කිරීමෙන් 13ක් මරුට

නැමීබියාවේදී විෂ සහිත යැයි සැක කෙරෙන කැඳ වර්ගයක් කිරීමෙන් පසු පුද්ගලයන් 13 දෙනෙකු දින තුනක කාලයක් තුළ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මොවුන් ඊසානදිග කවාන්ගෝ කලාපයේ කයෝවා ගම්මානයේ පුද්ගලයන් 22 දෙනෙකුගෙන් යුත් නිවසක ජීවත්වූ අය බවයි පැවසෙන්නේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙනේරි පිටිවලින් සාදන ලද කැඳ සහ ගෙදර හැදු පානයක් මොවුන් ආහාරය සඳහා ගෙන ඇති බවයි.

ආහාර විෂවීමක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා කැඳවල සාම්පල දකුණු අප්‍රිකාවට යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

https://shorturl.at/dfv37

COMMENTS