ඩොලරය චුට්ටක් ඉහළට

ඩොලරය චුට්ටක් ඉහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.300.65ක් වන අතර විකුණුම් මිල රු. රු.314.08 ක් ලෙස දැක්වුනා.

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය ඊයේ (මැයි 18) රු.300න් පහළ අගයක් දක්වා අඩු වී තිබුණා.

ඒ අනුව එය මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු.300 සීමාවට වඩා පහළ අගයක් ගනු ලැබුවා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59ක් වන අතර විකුණුම් මිල රු. 313.52ක් ලෙස දැක්වුනා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92ක් වන අතර විකුණුම් මිල රු. 310ක් ලෙසයි දැක්වුනේ.

සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300ක් ලෙසත් විකුණුම් මිල රු. 312ක් ලෙසත් දක්වා තිබුණා.

කෙසේ වෙතත් මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අප්‍රෙල් මස සිට ඉහළ ගිය ඩොළරය මෙලෙස පහත වැටී ඇත්තේ මාස 13කට ආසන්න කාලයකට පසුවයි.

COMMENTS