රාජිතට දෙනවානම් රෝහිතටත් දෙන්න

රාජිතට දෙනවානම් රෝහිතටත් දෙන්න

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අමාත්‍ය ධූරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම රෝහිත අබේගුණවර්ධනට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.

‘රෝහිතට නොදී රාජිතට විතරක් අමාත්‍යධුරයක් දෙන්න එපා යයි ජනාධිපතිවරයා වෙත විශේෂ ඉල්ලීමක් කළේ යැයි පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

රෝහිත අබේගුණවර්ධන මහතා පොදුජන පෙරමුණේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙකු වන නිසා ම දිස්ත්‍රික්කයේ රාජිත සේනාරත්නට පමණක් ඇමති ධුරයක් දුනහොත් එය රෝහිත අබේගුණවර්ධනට කරන බරපතළ අසාධාරණයක් බව පොදු ජන පෙරමුණ විසින් තවදුරටත් දැනුම් දී තිබේ.

COMMENTS