ප්‍රදේශ රැසක් අදත් උණුසුම් වෙයි

ප්‍රදේශ රැසක් අදත් උණුසුම් වෙයි

බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිළිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාමත්ක නිවේදනය තවදුරටත් බලාත්මක කරතිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම පළාත්වල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

අදාළ කාලසීමාව තුළ උෂ්ණත්වයට නිරාවරණය වී සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකි වේ.

එළිමහනේ සිටින විට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකි සෑම විටම සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කුඩා ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින්, මේ පිළිබඳ වැඩි වශයෙන් අවදානය යොමුකළ යුතු වේ.

COMMENTS