අවුරුද්දට ගමට යන්න අදත් බස් වැඩ

අවුරුද්දට ගමට යන්න අදත් බස් වැඩ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනයේත් විශේෂ පෞද්ගලික බස්රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ජනතාවගේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 300කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවය.

ඒ අනුව අවුරුදු සමය වෙනුවෙන් අතිරේක බස්රථ අද දිනයේත් ධාවනයට යෙදවීම ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක සවර්ණහංස මහතා සඳහන් කළේය.

මේ අතර සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ දුර ගමන් සේවා බස්රථ සාමාන්‍ය පරිදි අද දිනයේත් ක්‍රියාත්මක බවය.

මේ අතර අද දිනයේත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්ථමේන්තුව පවසයි.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා රාත්‍රී 7.30ට සහ පෙරවරු 6.30 දුම්රිය වාර ක්‍රියාත්මක කෙරෙන අතර බදුල්ල සිට කොටුව දක්වා පස්වරු 5.20 ට සහ පෙරවරු 7.00 ට දුම්රියවාර ක්‍රියාත්මක බව සඳහන් වෙයි.

COMMENTS