ලැව්ගිනි හේතුවෙන් දකුණු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්

ලැව්ගිනි හේතුවෙන් දකුණු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්

දකුණු කොරියාවේ නැගෙනහිර දිග ප්‍රදේශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ගැන්ග්නන්ග් ප්‍රදේශයේ පුද්ගලයින් 500කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇතැයි වාර්තා වන්නේ.

අධික සුළං හේතුවෙන් ලැව්ගිනි ව්‍යාප්තවීම වේගවත් වී තිබෙනවා.

කෙසේ වුවද ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් හට ඊයේ ඇතිවූ වර්ෂාවත් සමග පහසුවී ඇති බවද සඳහන්.

ගින්නෙන් අක්කර 420ක පමණ ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශයට පත්වී තිබෙනවා.

ගිනි නිවන භටයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තුන් දෙනෙකු ලැව්ගිනි හේතුවෙන් තුවාල ලබා ඇති බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

එමෙන්ම ගින්නෙන් විනාශ වූ නිවසක් තුළ තිබී මළ සිරුරක් ද හමුව තිබෙනවා.

https://reut.rs/3zUJ7Ow

COMMENTS