පොලී අනුපාත ගැන IMF වෙතින් අනාවැකියක්

පොලී අනුපාත ගැන IMF වෙතින් අනාවැකියක්

පොලී අනුපාත අගයන් කොරෝනා වසංගතයට පෙර අගයන් මට්ටමට පත්වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරනවා.

ඵළදායීතාව අවම වීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම ඊට හේතුවී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරන්නේ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීමෙන් පසු ණය ගැනීමේ පිරිවැය ඉහළයාම තාවකාලික විය හැකි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

බ්‍රිතාන්‍ය මහ බැංකුව 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සියයට 0.1 සිට සියයට 4.25 දක්වා පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකාව, යුරෝපා රටවල් ඇතුළු ලොව රටවල් රැසක් ඉහළ යන උද්ධමනයට එරෙහිව සටන් කිරීම සදහා තම පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තා.

බ්‍රිතාන්‍යයේ බලශක්ති හා ආහාර මිල ද වසර 40කට පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා.

කෙසේ වුවද මෙම සියලු පොලී අනුපාත ඉහළ දැමීම් තාවකාලික විය හැකි බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

කෙසේ වුවද පොලී අනුපාත පහළ වැටීම කෙදිනක සිට සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් එම අරමුදල අදහස් පළකර නැහැ.

COMMENTS