යුද හමුදා වෑන් රථයට පාපැදිකරුවෙකු බිලි වෙයි

යුද හමුදා වෑන් රථයට පාපැදිකරුවෙකු බිලි වෙයි

මොරටුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුරට ලක්වූ වෑන් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ගමන්කරමින් සිටි පිරසකගේද ගැටීමෙන් අනතුරුව නතරවී තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇත.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ යුද හමුදා රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මොරටුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS