අද මැච් එකේ ජය කිවියන්ට

අද මැච් එකේ ජය කිවියන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරඟය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය සිල්වා ලකුණු 37ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ ලකුණු 26කට කඩුලු 5යි.

ලකුණු 142ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමත් පන්දුවාර 14යි පන්දු 4ක් අවසානයේදී එක් කඩුලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.