අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදීවැසිහෝගිගුරුම්සහිතවැසිඇති ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදේ කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (05) දහවල් 12:13 ට තල්පේ, වැලිපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.  

COMMENTS