වැඩිපුර ගාස්තු අය කරන බස් රථ අද සිට අල්ලයි

වැඩිපුර ගාස්තු අය කරන බස් රථ අද සිට අල්ලයි

අඩු වූ බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ මාර්ගවල අද සිට ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව කියා සිටියේ බස් ගාස්තු ලේඛනය මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි.

පසුගිය මස 29 වනදා ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ පසුගිය 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කෙරුණා. පසුව එම සංශෝධිත ලේඛනය බස් හිමියන් වෙත ලබාදුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්.

COMMENTS