විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වහාම ගෙවන්න – සජිත් ප්‍රේමදාස

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වහාම ගෙවන්න – සජිත් ප්‍රේමදාස

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට මාර්තු මාසයේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාර්තු මස වැටුප ගෙවීම අත්හිටුවා ඇති බව ය.

විපක්ෂය ලෙස එය දැඩිව හෙළා දකින බව ත් වහාම එම ආචාර්යවරුන්ගේ වැටුප ගෙවන ලෙස ත් නිවේදනයේ සඳහන් කර ඇත.

එලෙස සිදු නොවුණහොත් මූලික අයිතිය උල්ලංඝණයට එරෙහිව ගත හැකි සෑම පියවරක් ම ව්‍යවස්ථාදායක හා අධිකරණය තුළදී ගන්නා බව විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.