ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි – ඉපැරණි ගොඩනැගිල්ලකටත් හානි

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි – ඉපැරණි ගොඩනැගිල්ලකටත් හානි

ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ඉදිරිපත් කළ, සේවක විශ්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩිකිරීමේ යෝජනාවට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන අඛන්ඩ විරෝධතා අතර, බෝඩෝ නගර ශාලාවට ගිනි තබා තිබෙනවා.

1791 ඉදිකර ඇති මෙම නගර ශාලාවේ ඉදිරිපස දොරටුවට ගිනි තැබීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ ගිනි නිවන භටයන් ගින්න නිවා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ජනපති මැක්රොන්ගේ ආරාධනයෙන් අනිද්දා තුන්වන චාල්ස් රජු ප්‍රංශයේ දින හතරක රාජ්‍ය සංචාරයකට පැමිණීමට නියමිත අතර, ඔහුගේ ගමන් මාර්ගය බෝඩෝ නගරශාලාව අසළින් යෙදී ඇති බව සඳහන්.

ඊයේ (23) දිනයේ ද මිලියනයකට අධික ජනතාවක් වීථි බැස විරෝධතාවල නිරතවී තිබෙනවා.

එහි දී පොලිසිය පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලකළ අතර, විරෝධතා අතරතුර පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

https://bit.ly/3lKSvAR

COMMENTS