ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදයි

ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශය පරදයි

අබුඩාබි හීදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20) පැවැති තරගයකින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම කඩුලු‍ 5කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගයේ පලමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු‍ 8කට ලකුණු 229ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර 44යි පන්දු 3ක දී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු‍ 5ක් පමණක් දැවී තිබිය දීයි.

මෙම තරගාවලියට ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් එක්ව සිටිනවා.