ශ්වසන රෝගීන් වාර්තාවීම ඉහළට

ශ්වසන රෝගීන් වාර්තාවීම ඉහළට

නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා හේතුවෙන් සංකුලතා ඇතිවූ රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා පැවසුවේ අධික ස්ථුලතාව සහිත පුද්ගලයින් අතර මෙම සංකුලතා වැඩි වශයෙන් මතු වන බවයි.

නින්දේදී ශ්වසන මාර්ගයේ මාංශපේශී ලිහිල් වීමත් සමග සිදුවන ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම මත මෙම තත්ත්වය ඇති වීමේ ඉඩකඩ වැඩි වී ඇති අතර මෙවැනි පුද්ගලයින්ට ආඝාතය ,දියවැඩියාව වැනි රෝග රැසකටද ගොඳුරු වීමේ ඉඩක් ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.