රුපියල පහළට

රුපියල පහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (10) දිනයේ සුළු අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311යි ශත 62ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 328 ශත 90ක් ලෙසයි.

ඊයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307යි ශත 36ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල රුපියල් 325යි ශත 52ක් ලෙස සටහන් වුණා.