වෘත්තිකයින් පාරට එයි – ලෝටස් මාර්ගයත් වැසෙයි

වෘත්තිකයින් පාරට එයි – ලෝටස් මාර්ගයත් වැසෙයි

පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය වසා දමා තිබේ.

මේවන විට රජයේ විධායක නිලධාරීන් සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව ආසන්නයේ විරෝධතාවයක් පවත් වනවා.

මේ අතර වෘත්තීය සමිති කිහිපයක් මේ වනවිට විරෝධතා ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වී තිබේ.

කොටුව දුම්රිය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් වසා දමා ඇත.

ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (08) විරෝධතා හා සංකේත වැඩවර්ජනවල නිරත වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය , ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් අද පස්වරවේ කොළඹ හයිඩ් පිටියේ රැලියක්ද සංවිධාන කර තිබේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

අද පෙරවරු 8ට ආරම්භ වූ මෙම සංකේත වැඩවර්ජනය හෙට උදෑසන 8ට අවසන්වීමට නියමිතය.

COMMENTS