පොලීසියට එරෙහිව වසන්තගෙන් පොලිස් මූලස්තානයට පැමිණිල්ලක්

පොලීසියට එරෙහිව වසන්තගෙන් පොලිස් මූලස්තානයට පැමිණිල්ලක්

බොරු සාක්ෂි නිර්මාණය කරමින් තමන්ව අතඩංගුවට ගත්තයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්තානයට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බොරු සාක්ෂි නිර්මාණය කර වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් රදවා තැබීම යන කාරනය සහ පොලිස් නිළධාරීන් කළ මැදිහත්වීම් වලට එරෙහිව අද දහවල් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

පමිනිල්ල බාරදීමෙන් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

”ලිබරල් අර්ථයෙන් ගත්තත් නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ පොලීසිය කියන කියන ඔක්කොම කරන්න ඉන්න එක නෙවෙයි. ආණ්ඩුව කියන කියන එක කරන්න ඉන්න එක නෙවෙයි. නීතිපති දෙපාර්තමේන්තුවට වගකීමක් තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි පහුගිය කාලේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුව කළේ ආණ්ඩුව හුරතල් කරන තීරණ ප්‍රමාණයක් ගත්ත එක. ” යනුවෙන්.