චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබෙනවා.

එතුමිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාට යොමුකර තිබූ බවත් එය ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පිළිගෙන නැති බවත් අනාවරණය වී තිබිණ.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේ, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වුව ද පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවනු ඇති.

COMMENTS