සෞඛ්‍ය සේවකයින් අද දැවැන්ත වර්ජනයක

සෞඛ්‍ය සේවකයින් අද දැවැන්ත වර්ජනයක

වසර 75 කට පසුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිදුවෙන දැවැන්ත වර්ජනයක් අද (06) ක්‍රියාත්මකවීමට නියමිතයි.

ඒ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා ආරම්භ කිරීමට යන වර්ජනය හේතුවෙන්.

වැඩි වැටුප් ඉල්ලා වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුලු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම වර්ජනයට එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට සමගාමීව පා ගමනක් ද සංවිධාන කර තිබෙනවා.

මීට පෙර බ්‍රිතාන්‍යයේ ගුරුවරුන් ද වැඩි වැටුප් ඉල්ලා දැවන්ත වර්ජනයක නිරතවුණා.

https://reut.rs/40HGlZo