රටට අවශ්‍ය සල්ලි කළමනාකරණය කරගන්නේ හරි අමාරුවෙන්

රටට අවශ්‍ය සල්ලි කළමනාකරණය කරගන්නේ හරි අමාරුවෙන්

මහජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතුව ඇති වියදම් සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රටට අවශ්‍ය මූල්‍ය මුදල් අමාත්‍යාංශය විසින් ඉතා අපහසු කළමනාකාරීත්වයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (05) දින අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින්

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මහජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතුව ඇති වියදම් සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව සහ අනෙකුත් සියළුම අමාත්‍යාංශවල වියදම් කළමනාකරණය කරමින් නිරන්තර සාකච්ඡා හා නියාමන තුළින් වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත යම් යම් පාර්ශ්වයන් විවිධ බලපෑම් හා පීඩන එල්ල කරනු ලබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.