කතෝලික සභාවේ පියතුමන් සහ කන්‍යා සොහොයුරියන් විරෝධතාවක

කතෝලික සභාවේ පියතුමන් සහ කන්‍යා සොහොයුරියන් විරෝධතාවක

නිදහස් දින සැමරුමට විරෝධය දක්වමින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය ඉදිරිපිටදී කතෝලික සභාවේ පියතුමන් සහ කන්‍යා සොහොයුරියන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඊට එක්වෙමින් මට්ටක්කුලිය ශාන්ත මරියා දෙව්මැදුරේ මීසම් පාලක අජිත් පෙරේරා පියතුමන් ද එක්ව සිටියා.

මේ අතර නිදහසේ සත්‍යග්‍රහය නමින් සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් මරදාන – එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහයට පොලිසිය ජලප්‍රහාර එල්ල කර එය විසුරුවා හරිනු ලැබුවා.

ඊයේ පස්වරු 3 ට පමණ මෙම සත්‍යග්‍රහය ආරම්භ වූ අතර, රාත්‍රී 10 ට පමණ එම ස්ථානයට පැමිණි කිසියම් පිරිසක් විරෝධතාකරුවන් සමඟ ගැටුමක් ඇති කරගැනීමට උත්සහ දරා තිබෙනවා.

අනතුරුව පොලිසිය එම පිරිසට ජල ප්‍රහාර එල්ල කර එම ස්ථානයෙන් ඔවුන් ඉවත් කරනු ලැබුවා.

එහිදී කාන්තාවක් ඇතුලු හතරදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.