ජපානෙන් පොලීසියට තෑග්ගක්

ජපානෙන් පොලීසියට තෑග්ගක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංකේතාත්මකව බාරදීම ජනාධිපති කාර්යාලයේ සිදු විය.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ (Takei Shunsuke) මහතා විසින් මෙම උපකරණ බාරදීමට අදාල ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

වාහන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමග සුහඳ කතා බහක ද නිරත විය.

ශ්‍රී ලංකා පොලිසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාගය සිදු කර ඇත.

COMMENTS