සජිත්, ඩලස් නිදහස් සැමරුම වර්ජනය කරයි

සජිත්, ඩලස් නිදහස් සැමරුම වර්ජනය කරයි

හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවය.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බව පවසයි.

රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් නිදහස් දින සැමරුමට සහභාගී නොවීමටයි ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත්තේ.