සුසන්තිකා ක්‍රිකට් හදන්න එයි

සුසන්තිකා ක්‍රිකට් හදන්න එයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ධාවන ශූරිය වන සුසන්තිකා ජයසිංහව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ උපදෙස් සැපයීම සඳහා උපදේශිකාවක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන සහ අනාගත පරම්පරාවන් දිරිමත් කිරීම සඳහා සුසන්තිකාගේ කැපවීම සහ අධිෂ්ඨානය පිළිබඳ අත්දැකීම් බෙහෙවින් උපකාරී විය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා පවසා ඇත්තේ,

“මෙම නව අභියෝගය ගැන තමන් අතිශයින් සතුටු වන අතර එය තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව භාර ගැනීමටත්, අභියෝගවලට මුහුණ දීමටත්, අනාගතයේ ඔවුන් “තරු” බවට පත් කිරීමටත් තමන්ට අවස්ථාව සලසා දෙන බවයි.

ඇයව අදාල තනතුර වෙනුවෙන් උණුසුම් ලෙස පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ, ඇය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වටිනා සම්පතක් වනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවයි.