රජයේ ආයතනවල වියදම් කැපෙන හැටි

රජයේ ආයතනවල වියදම් කැපෙන හැටි

2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඊට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් වැඩි දුරටත් දක්වන්නේ, 2023 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ අදායම රැස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති දුෂ්කරතා අවම කිරීමට අදාලවයි මෙලෙස පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීමට රජය විසින් තීරණය කර තිබෙන්නේ.

මේ අතර දුෂ්කර ආර්ථික වතාවරණය හමුවේ පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම, සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු රෝගීන් සඳහා දීමනා සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දීමනා, ගර්භනි මව්වරුන් සඳහා පෝෂණ ආහාර පැකේජය, පෙර පාසැල් ළමුන් සඳහා උදෑසන ආහාරය, උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට පෝෂණ වැඩසටහන ඇතුළු පාසල් සඳහා වන සුබ සාධන වැඩසටහන් සඳහා මෙම චක්‍රලේඛය බලපාන්නේ නැත.

අදාල චක්‍රලේකය පහතින්,